අපි අද කෑම ලන්තයට එකතු කරන්නේ පොඩිත්තන් ආසම කරන කෑමක් ගැනයි. ඒ තමයි මස්කට්. දැන් අපි එහෙනම් බලමුකෝ මේ මස්කට් හදාගන්නේ කොහොමද කියලා.
අවශ්‍ය ද්‍රව්‍ය:https://www.yourchoiceway.com/
- සීනි 225g
- වතුර 125ml
- කොන්ෆ්ලා 60g
- නැවත වතුර 120ml
- කුඩාවට කපාගත් කජු මදhttps://www.yourchoiceway.com/
- එනසාල් ස්වල්පයක්
- තෙල් 100ml
- කලරින් (කැමති වර්ණයකින්)
- සූදුරු බොහොම ස්වල්පයක්
- භාජනයක් ගෙන සීනි 225g හා වතුර 125ml දමා කලවම් කර,සාමාන්‍ය තරමට රත් කරන්න.
- බුබුළු දමාගෙන එනවිට ලිපෙන් බා ගන්න.
- කොන්ෆ්ලා 60g හා වතුර 120ml දමා හොඳින් කලවම් කරගන්න.
- එම භාජනය පසෙකින් තබන්න.
- කලින් සීනි,වතුර මිශ්‍රණය නැවත ලිප තබා,කොන්ෆ්ලා මිශ්‍රණය ටිකෙන් ටික එකතු කරන්න.
- ලිපේ ගින්දර හොඳටම අඩු කරන්න.https://www.yourchoiceway.com/
- ඒ වගේම හොඳින් හැඳි ගාන්න.
- මෙසේ මිශ්‍රණය හොඳින් කැටි නොගැසෙන සේ හොඳින් හැඳි ගාන්න.
- ඝනකම බවක් ඔයාලගේ අතට දැනේවි.එවිට ලිප වහන්න.
- නැවත ලිප දල්වා ගින්දර හොඳටම අඩු රගන්න.
- තෙල් ටික බැගින් මිශ්‍රණයට දමමින් හොඳින් කලවම් කරන්න.
- දැන් එනසාල්,කජු,සූදුරු ස්වල්පයක් හා ඔබ කැමති වර්ණ දමා හොඳින් කලවම් කරගන්න.https://www.yourchoiceway.com/
- ජෙලි වගේ පදමක් අතට දැනෙයි.
- තෙල් තවරන ලද කෙසෙල් කොලයක් අරගෙන හොඳින් තුනී කර කෑලි කපාගන්න.
0 comments:
Post a Comment