රහට අයිස්ක්‍රීම් හදන ලේසිම ක්‍රමය මෙන්න (Here's The Easy Way To Make Ice Cream) | Your Choice Way

අද ඉදන් ඔයාලට පුළුවන් ගෙදරදීම අයිස්ක්‍රීම් හදලා කන්න.අද අපි කියන්න යන්නේ කෝලා අයිස්ක්‍රීම් හදන විදිහ.

අවශ්‍ය ද්‍රව්‍ය:
  • හෙවී ක්‍රීම් 500ml 
  • සීනි 200g 
  • කෝලා වර්ගයක් 
  • කලරින් අවශ්‍ය පමණට
  • අයිස් කැට ස්වල්පයක් 
  • ලුණු ස්වල්පයක්
සාදන ක්‍රමය:
  1. හෙවී ක්‍රීම් හා සීනි හොදට බීට් කරගන්න.කෝලා බෝතලයේ මුඩිය ඉවත් කර එහි සැර ඉවත් වෙනතුරු     තබන්න. හෙවී ක්‍රීම් මිශ්‍රණයට කෝලා එකතු කරන්න.
  2. එය විනාඩි 20ක් පමණ තබන්න.කලරින් එකතු කර කවලම් කරන්න.
  3. විශාල හා කුඩා බදුන් දෙකක් ගන්න.කුඩා බදුනට මිශ්‍රණය දමන්න.විශාල බදුනේ පතුලට ලුණු කවලම් කල   අයිස් කැට දමන්න.
  4. කුඩා බදුන ඒ තුලින් තබන්න. මෙම බදුන් දෙකම වැසෙන පරිදි වසා තබන්න.(විනාඩි 20ක් පමණ) ඉන්පසු   කුඩා බදුන ගෙන විනාඩි 15ක් පමණ අධි ශීතකරණයේ තබන්න.  
ඉන්පසු පිළිගන්වන්න.
👉👇තවත් කෑම වට්ටෝරු පහතින්👇👌

0 comments:

Post a Comment