අද ඉදන් ඔයාලට පුළුවන් ගෙදරදීම අයිස්ක්‍රීම් හදලා කන්න.අද අපි කියන්න යන්නේ කෝලා අයිස්ක්‍රීම් හදන විදිහ.
අවශ්‍ය ද්‍රව්‍ය:
- හෙවී ක්‍රීම් 500ml
- සීනි 200g
- කෝලා වර්ගයක්
- කලරින් අවශ්‍ය පමණට
- අයිස් කැට ස්වල්පයක්
- ලුණු ස්වල්පයක්
සාදන ක්‍රමය:
- හෙවී ක්‍රීම් හා සීනි හොදට බීට් කරගන්න.කෝලා බෝතලයේ මුඩිය ඉවත් කර එහි සැර ඉවත් වෙනතුරු තබන්න. හෙවී ක්‍රීම් මිශ්‍රණයට කෝලා එකතු කරන්න.
- එය විනාඩි 20ක් පමණ තබන්න.කලරින් එකතු කර කවලම් කරන්න.
- විශාල හා කුඩා බදුන් දෙකක් ගන්න.කුඩා බදුනට මිශ්‍රණය දමන්න.විශාල බදුනේ පතුලට ලුණු කවලම් කල අයිස් කැට දමන්න.
- කුඩා බදුන ඒ තුලින් තබන්න. මෙම බදුන් දෙකම වැසෙන පරිදි වසා තබන්න.(විනාඩි 20ක් පමණ) ඉන්පසු කුඩා බදුන ගෙන විනාඩි 15ක් පමණ අධි ශීතකරණයේ තබන්න.
ඉන්පසු පිළිගන්වන්න.
0 comments:
Post a Comment