එක් අයෙකුට තවත් කෙනෙකුගේ මනස පාලනය කල හැකිද? චිත්‍රපටිවල සහ ටෙලිනාට්‍යවල ඔබ මෙවැනි සිදුවීම් දකින්නට ඇත. එහෙත් සැබෑ ලෝකයේදිද එවැනි දෑ ඇත්තටම සිදු වේ.සමහර සතුන්ට අනෙක් අයගේ මනස පාලනය කල හැකි බව ඔබ අසා තිබේද? එසේ අනෙක් සතුන්ගේ මනස පාලනය කර හැකි සතෙකු ලෝකයේ සිටි. එම සත්ත්වයා jewel wasp ලෙස හැදින්වෙන මොවුන් දෙබරු විශේෂයකි. Emarald Cockroach Wasp යන නමින්ද මෙම සතාව හදුන්වයි. මොවුන් මෙලෙස මනස පාලනය කරන්නේ කැරපොත්තන්ගේය. මොවුන් මෙලෙස කැරපොත්තන්ගේ මනස පාලනය කර වහළුන් කර ගනී. එම නිසා “කැරපොත්තන්ගේ මාරයා” යන නාමය මොවුන්ට මනා ලෙස ගැලපේ.
jewel wasp පෙනුමෙන් ඉතාමත්ම ලස්සනය. ලස්සන බොහෝ දේවල් භයානකයි යනුවෙන් කියමනක්ද පවති. ඔවුන්ගේ පෙනුමේ හැටියට ඔවුන් මෙතරම් භයානකයැයි කිසිවෙකු හෝ නොසිතනු ඇත.ඔවුන් කැරපොත්තන්ගේ මනස පාලනය කරන්නේ තමන්ගේ පැටවුන් බිහි කිරීම සදහාය. jewel wasp පිලවාගේ ධාරක ශරීරය වන්නේ කැරපොත්තාගේ සිරුරයි. මෙම කාර්‍යය අවසානයේදී කැරපොත්තා ජීවිතයෙන් වන්දි ගෙවයි.
මොවුන් නිවර්තන කලාපීය රටවලදී වැඩිපුර දැකිය හැකිය. ගොඩක්ම දකින්න ලැබෙන්නේ දවල් කාලයේදී. කෙසේ වුවත් මොවුන්ගෙන් විෂ දළ පිහිටා තිබෙන්නේ ගැහැණු සතුන්ගේ පමණයි. භයානක වන්නේත් ගැහැනු සතාය. ( මදුරුවන්ගේ වගේ, මදුරුවා අහින්සක සතෙකු වන අතර මදුරි අපගේ ලේ බොන්නට පැමිණේ.)
මොවුන්ගේ හැසිරීම සත්ව විද්‍යාඥයින් පවා මවිතයට පත් කර ඇත. මොවුන්ගේ පිරිමි සත්ත්වයන් කෙසේ වෙතත් ගැහැණු සතුන්ටනම් ඇත්තේ එක සහකරුවෙකු පමණි. එයත් එක්වරකදීය. නමුත් ඒ එක පාරට බිත්තර දුසිමක් පමණ ඇති වේ.
jewel wasp ගැහැනු සතා ඉන් අනතුරුව කරන්නේ කැරපොත්තෙකු සොයා ගෙන යාමයි. එසේ කැරපොත්තෙකු සොයා ගන්නා මොවුන් පළමුව ඉතා වේගයෙන් කැරපොත්තාගේ ශරීරය වෙත විෂ දළ ප්‍රහාරයක් එල්ල කරනවා. මොවුන් එය ඉතාමත්ම වේගයෙන් සිදු කරයි. මන්ද කැරපොත්තා යනුද වේගවත් සතෙක්. ඒ වගේම තමයි මේ jewel wasp ගැහැනු සතා කැරපොත්තාට වඩා ප්‍රමාණයෙන් කුඩයි. ඒත් කොහොම හරි තමන්ට වඩා ප්‍රමාණයෙන් විශාල කැරපොත්තාට පහර දෙනවා කීම ඒක හිතාගන්නවත් බැරි පුදුම කාරණයක්. විෂ දල පහරින් අනතුරුව කැරපොත්තා jewel wasp ගැහැනු සතාගේ පාලනයට යටත් වෙනවා. මේ අවස්ථාවේදී තමන්ගේ ළග ඇති බිජුවක් කැරපොත්තාගේ සිරුර තුලට ඇතුලත් කරනවා.
මිනිත්තු 30 කට පසු මෙම තත්ත්වය මදක් පහව ගියත් කැරපොත්තාට කැමති පරිදි කටයුතු කිරීමට කැරපොත්තාට ඉඩ ලැබෙන්නේ නෑ. මීට හේතුව දැන් කැරපොත්තා jewel wasp ගේ වහල් මෙහෙකරුවෙකු බවට පත් වීමයි. දැන් jewel wasp පිළවා කැරපොත්තා තුල වර්ධනය වන්නේ ඔවුන්ගේ සිරුරේ ඇති ශක්තිය සියල්ලම ප්‍රයෝජනයට ගනිමින්. ඉන් අනතුරුව ටිකෙන් ටික ලොකු වන jewel wasp එලියට එන්නේ කැරපොත්තාගේ ශරීරය දෙකඩ කරමින්.
කෙසේ හෝ අපට අපගේ මනසත් පාලනය කිරීමට බැරි එකේ අනුන්ගේ මනසත් පාලනය කරන jewel wasp සුපිරි වැඩ්ඩෙකි. කෙසේ හෝ මෙම jewel wasp ගේ විෂ ගැන තවමත් විද්‍යාඥයින් පරීක්ෂණ පවත්වනවා. කෙසේ හෝ මෙම පරීක්ෂණ වැරදි අතටත් යන්න ඉඩ තියෙනවා. එහෙම වුනොත් ඕනෑම අයෙකුගේ මනස පාලනය කළ හැකි ක්‍රමයක් විද්‍යාඥයෝ සොයා ගනියි.
කෙසේ හෝ මෙම සත්ත්වයන්ගෙන් තවත් විශාල මෙහෙයක් ලබාගැනීමට විද්‍යාඥයින් සූදානමින් පවති. තවමත් බෙහෙත් සොයා ගත නොහැකි වූ ඇතැම් ස්නායූ රෝග සදහා jewel wasp ගේ විෂ යෝදා ගත හැකි බව විද්‍යාඥයින් පවසනවා. එසේ වුවහොත් jewel wasp ගේ විෂ විද්‍යාවේ නව මානයක් විවර කරනු නොඅනුමානය.
කෙසේ හෝ jewel wasp ගෙන් මිනිසාට බලපෑමක් නෑ. මොනවා වුනත් ඔයාලා Zombi ගැන අහලා ඇති. ( අපේ රටේ පිල්ලි වගේ එකක්). මොනවා වුනත් Zombi ලා ඇත්තටම ඒ කාලේ හිටියා කියලා මතයකුත් තියෙනවා. ඉතින් මේ Zombi ලා ඇති වීමට හේතුවත් මේ වගේ මනස පාලනය කළ හැකි සතෙකු වීමට ඉඩ තියෙනවා.
උපුටා ගැනීමකි...
0 comments:
Post a Comment