ඔන්න නැවතත් ඔබ හමුවට එන්නෙ වෙනස්ම ආකාරයෙ චිත්‍රපටයක් රැගෙනයි. ඒ වගේම තමයි මේක 2019 වර්ෂයෙ ආපු එකක්.කොහොමහරි මේ වෙනකොට IMDb අගය 7.1 ක් සහ කුණු තක්කාලි අගය 92% ක වැනි ඉහළ අගයක් අරගැනීමට සමත් වෙලා සිටිනවා. ඒවගේම තමයි චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නෙ Alejandro Landes විසින්.
ඒවගේම Adventure, Drama, War යන කාණ්ඩ ත්‍රිත්වයට අයත් වෙන මෙය පැයයි විනාඩි 42 ක් පුරාවට රසවිඳින්න පුළුවන්කම තියෙනවා. ඒවගේම තමයි පොටෝ එක බලල චිත්‍රපටය තීරණය කරන්න බැරි නම් "පුර්ව ප්‍රචාරක පටය" නරඹන්න කියනවා. මොකද චිත්‍රපටය ගැන කිව්වොත් හැම අතින්ම වගේ සාර්ථකයි. ඉතිං රංගනයෙන් දායක වෙන්නෙ Moisés Arias, Sofia Buenaventura, Julianne Nicholson, Karen Quintero, Laura Castrillón ය. එහෙනම් අපි කතාව පැත්තට හැරෙමුකො.
ඩෝග්, වුල්ෆ්, ලේඩි, රැම්බෝ, බූම් බූම්, බිග්ෆුට්, ස්වෙඩ්, ස්මර්ෆ් කියන්නෙ තරුණ ළමයි සෙට් එකක්. මෙයාලා කට්ටියව හඳුන්වන්නෙ එහෙම නැත්තම් මේ කට්ටියට කියන්නෙ "මෝනොස්" කියලා. මේක ස්පාඤ්ඤ වචනයක්. අදහස වෙන්නෙ "වඳුරෝ" කියලා. කොහොමහරි මෙයාලා එක්තරා සංවිධානයකට අයත් කට්ටියක්. ඒවගේම මෙයාලා එන්නෙ කඳුකර පැත්තක. කාටවත් ලේසියෙන් හොයාගන්න බැරි තැනක. ඒවගේම තමයි ආයුධ එහෙම හොඳට පුහුණු කරල තියෙන්නෙ. ඔන්න දවසක් මෙයාලට පැවරුමක් ලැබෙනවා. ඒ තමයි ෂකිරා කියන එළදෙනව ආරක්ෂා කරන එක.
මෙයාලගෙ ප්‍රධානියා ආයෙ එනකම්. ඉතිං මෙයාලගෙ කණ්ඩායමේ ප්‍රධානියා වෙන වුල්ෆ් ට තමයි මේ වගකීම හිමි වෙන්නෙ. ඇත්තම කිව්වොත් ඒක පොඩි දෙයක් වගේ පෙනුනට එයාලට ලොකු දෙයක්. ඒවගේම තමයි මෙයාලා සිරකාරයෙක් තියාගෙන ඉන්නවා. එයා තමයි ඩොක්ටොරා. ඇත්තම නම ඒක නොවුණත් එයාලා කතා කරන්නෙ ඒ නමින්. මෙයා ඉංජිනේරු ශිල්පිණියක්. මෙයාලා පැහැරගෙන ගිහින් ඉන්නෙ. කොහොමහරි දැන් වැඩ දෙකක් තියෙනවා. ඔන්න දවස් ටිකක් යද්දී මෙයාලගෙ අතින් එළදෙන මැරෙනවා. වෙඩි තියල.
හැබැයි ඔහු ඇත්තටම හිතල කරන දෙයකුත් නෙමේ. කොහොමහරි කණ්ඩායමේ බර දැන් අරගන්න ඕන වුල්ෆ්. වුල්ෆ් ගොඩක් අප්සෙට් එකේ ඉන්නෙ. බැරිම තැන ඔහු සියදිවි නසාගන්නවා. ඔන්න ඔය අතරේ තමයි ඩොක්ටෝරා පැනල යන්න උත්සහ කරන්නෙ. ඉතිං මෙයාලට කණ්ඩායමේ කෙනෙක් නැතිව මෙවැනි දෙයක් කරගන්න පුළුවන් වෙයිද? ඩොක්ටෝරාව හොයාගන්න? එහෙනම් අවසානය වෙනකම්ම බලන්නකො. ඒවගේම තමයි චිත්‍රපටයෙන් අධ්‍යක්ෂකවරයා ගොඩක් දේවල් පෙන්නුම් කිරීමට උත්සහ කරල තියෙනවා. කොහොමහරි කියන්න තියෙන්නෙ බැලුවට පාඩු නැහැ කියලයි.

👉👇තවත් බයිස්කෝප් පහතින්👇👌
0 comments:
Post a Comment